කටුනායක වෑන් රථයක් ගිනිගනී

null

කටුනායක – මල්ගස්හන්දිය ප‍්‍රදේශයේදී කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කර ආපසු එමින් සිටි වෑන් රථයක් ගිනිගෙන විශාන වී ඇතැයි පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ ගින්න හටගත් අවස්ථාවේ රියදුරු පමණක් වෑන් රථයේ සිට ඇති බවයි. ගින්න හට ගන්නවාත් සමග ඔහු වෑන් රථයෙන් ඉවතට පැන ගෙන තිබෙන අතර අනතුරෙන් රියදුරුට කිසිදු හානියක් සිදුව නොමැත.

කටුනායක පොලීසියේ නිලධාරින් සහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩපවත්වා තිබෙ. ගින්නට හේතුව යාන්ත්‍රික දෝෂයක් විය හැකි බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>