08 Aug 2014
කඩුවත් සමග නිධන් හොරු හසුවේ
නිධානයකින් ගොඩගත් බවට සැකකෙරෙන රන් ආලේපිත අගල් 22 ක් දිගැති කඩුවක් සහ කඩුකොපුවක් හැටන් පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (07) පස්වරුවේ සොයා ගෙන තිබේ.
මස්කෙළිය ප්රදේශයෙන් නිධානයකින් ගොඩගත්තේයැයි කියන මෙම කඩුව සහ කඩුකොපුව රුපියල් ලක්ෂ තිස්හයකට අලෙවි කිරීමට සුදානම්කර තිබියදී පොලිස් බුද්ධි අංශයේ උපාය දූතයෙක් යොදා මෙම කඩුව, කඩුකොපුව සහ අදාළ සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
මෙම නිධානයෙන් ගොඩගත් තවත් භාණ්ඩ රැසක් අදාළ සැකකරුවන් ළඟ ඇති බව ඔවුන් විසින් ප්රකාශ කර ඇති අතර එම භාණ්ඩ සොයා හැටන් පොලීසිය මෙහෙයුමක් ආරම්භකර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් දස දෙනා හැටන් දික්ඔය ප්රදේශයේ පදිංචිකරුවන් බව හැටන් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.