කඩුවෙල – කඩවත අධිවේගයේ නවතම ගාස්තු මෙන්න
කඩවත සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සේවාව අද සිට ක්‍රියාත්මක වේ. අද පෙරවරු 05 සිට එම සේවාව ආරම්භ වූ බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.සී දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඊයේ පස්වරුවේ විවෘත කෙරුණු එම මාර්ගයේ රථ වාහන ධාවනය සඳහා රාත්‍රී 09 සිට අවසර ලබාදී තිබුණි.
ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික සුඛෝපබෝගී බස් සේවාව සඳහා අය කරනෙ ගාස්තුව ද ප්‍රකාශයට පත් කර තිබේ.
කඩවත – මාතර සැහැල්ලු වාහන ගාස්තු
කඩුවෙල – රුපියල් 100.00
අතුරුගිරිය සහ කොට්ටාව – රුපියල් 150.00
කහතුඩුව – රුපියල් 200.00
ගැලනිගම – රුපියල් 250.00
දොඩන්ගොඩ – රුපියල් 300.00
වැලිපැන්න – රුපියල් 350.00
කුරුඳුගහහැතැක්ම – රුපියල් 400.00
බද්දේගම – රුපියල් 450.00
පින්නදූව (ගාල්ල) – රුපියල් 500.00
ඉමදූව – රුපියල් 550.00
කොක්මාදුව – රුපියල් 600.00
ගොඩගම (මාතර) – රුපියල් 650.00
කඩවත – මාතර
බර වාහන සඳහා අවම ගාස්තුව (කඩුවෙලට) රුපියල් 200.00
උපරිම ගාස්තුව (පින්දූවට) රුපියල් 1750.00
කඩවත සිට ගාල්ලට සහ මාතරට මගී බස්රථ සේවාක්ද ආරම්භ කිරීමට සැලසුම්
නියමිත කාලසටහන
කඩවත – ගාල්ල සහ ගාල්ල – කඩවත
පෙරවරු 06.30 සිට සෑම පැයකට වරක් රාත්‍රී 8.00 දක්වා
කඩවත – මාතර සහ මාතර – කඩවත
පෙරවරු 06.30 සිට සෑම පැයකට වරක් රාත්‍රී 9.00 දක්වා
කඩවත – මාතර ගාස්තුව රුපියල් 500.00
කඩවත – ගාල්ල ගාස්තුව රුපියල් 400.00