කඩුවෙල – කඩවත අධිවේගය විවෘත වෙයි

null

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද (17) විවෘත කෙරෙන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රදානත්වයෙන් පස්වරු 3.00ට එය විවෘත කිරීමට නියමිතයි.

ඒ සමග අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත සිට මාතර දක්වා ගමන් කිරීමේ හැකියාව ජනතාවට උදා වෙයි.

කිලෝමීටර් 8.9ක් දිවෙන මෙම මාර්ග කොටස මංතීරු 4කින් ඉදිකර ඇත. ඒ සඳහා රුපියල් බිලියන 45කට ආසන්න මුදලක් වැයවී ඇති බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.සී. දසනායක පවසයි.

මාර්ගයට සමගාමීව කැලණි ගඟ හරහා පාලම් දෙකක්ද වන අතර එමඟින් කඩුවෙල නගරයේ හා කැලණි ගඟ හරහා වන දැනට ඇති පාලම ආශ්‍රිත වාහන තදබදය අඩු වනු ඇති.

කොළඹ පිටත වටරවුම් මාර්ගය අදියර තුනක් යටතේ ඉදි කෙරේ. පළමු අදියරේදී කොට්ටාව සිට කඩුවෙල දක්වා ඉදි කෙරුණා කඩුවෙල සිට කඩවත දක්වා කොටස එහි දෙවන අදියරයි.
තුන්වන අදියරේදී කඩවත සිට කෙරවළපිටිය දක්වා අධිවේගී මාර්ගය දීර්ඝ කරනු ඇති.

එහි ඉදිකිරීම් ද මේ වන විට ආරම්භ කර ඇති අතර අවසන් වූ පසු දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය එකිනෙක සම්බන්ධ කෙරේ.

අද විවෘත කෙරෙන සියලු මාර්ග රාත‍්‍රී 9.00 සිට ජනතාවට භාවිත කළ හැකියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>