කතරගම ගොස්‌ එද්දී තමන්ට තෑගි නොගෙනාවැයි කිපී සැමියා බිරිඳට ඇසිඩ් ගහලා

null

කතරගම වන්දනාවේ ගිය බිරිඳ දරු තිදෙනාට පමණක්‌ තෑගි භාණ්‌ඩ ගෙනවිත් තමන්ට කිසිවක්‌ නොගෙනීම ගැන කෝපයට පත්වූ සැමියකු දරු තිදෙනා ඉදිරිපිටදීම සිය බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර තිබේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ කළුතර රෙමුණගොඩ පදිංචි තුවාලකාරිය විදේශ රැකියාවක නිරත වී අගෝස්‌තු මස ලංකාවට පැමිණි තැනැත්තියකි.

ඇය සිය හිතවතියන් පිරිසක්‌ සමඟ කතරගම ගොස්‌ එනවිට සිය පිරිමි දරු දෙදෙනාට හා දියණියට පාවහන් මිලට ගෙන ඇතත් සැමියාට කිසිවක්‌ මිලදීගෙන නැතැයි ද සිය දරු තිදෙනාට මිලදී ගත් භාණ්‌ඩ පෙන්වමින් සිටියදී සැමියා ඇසිඩ් කෝප්පයක්‌ රැගෙන විත් ඇයගේ මුහුණට හා ශරීරයට දමා ගසා ඇතැයිද පැමිණිලිකාරිය පොලිසියට කළ ප්‍රකාශයේ දැක්‌වෙන බව කළුතර දකුණ පොලිසියේ පොලිස්‌ පරීක්‌ෂක සචින්ද අමරසේකර මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා වේ දැක්‌විණි.

සැකකාර සැමියා කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා සැකකරු රුපියල් 25,000 ක ශරීර ඇපමත මුදා හරින ලෙස නියෝග කළ අතර වැඩිදුර විභාගය නොවැම්බර් මස 21 වැනි දිනට කල් තැබීය.

ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුතර නාගොඩ රෝහලෙන් කොළඹ ඇස්‌ රෝහලට මාරු කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>