කතරගම දේවාලය අසල මළසිරුරක්

null

කතරගම – මහදේවාලයේ මැණික් ගඟ ආසන්නයේ ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු ඊයේ (27) මිය ගොස් තිබේ. කතරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

මේ හේතුවෙන් කතරගම දේවාලය ඊයේ පෙරවරුවේ තාවකාලිකව වසා දම තිබේ. දේවාල භූමියේ මළ සිරුරක් හමුවුවහොත් තාවකාලිකව දේවාලය වසා දැමීම කතරගම දේවාලයේ සිරිතක් ලෙස පැවතෙන අතර මළ සිරුර දේවාල භූමියෙන් ඉවත් කිරීමෙන් පසු දේවාලයේ කටයුතු යළි ආරම්භ කෙරෙන්නේ කහදියර ඉස වතාවත් සිදුකිරීමෙන් පසුවයි.

මිය ගිය පුද්ගලයා ණය මුදල් ගෙවා ගත නොහැකිව සිත් තැවුලට පත්ව මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි නවනගරය, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>