05 Mar 2015
කතුන්ට අසභ්‍ය පණිවිඩ එවූ අයෙක් මාට්ටු
කාන්තාවන්ගේ ජංගම දුරකථන වලට අසභ්‍ය කෙටි පණිවිඩ එවමින් හිරිහැර කිරීම සම්බන්ධයෙන් කටුපොත, නෙළුම්කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කටුපොත ප්‍රදේශයේ පදිංචි තැපැල් කාර්යාල අනියම් සේවකයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන 03ක් සහඑයට යොදාගත් සිම්පත් 04ක් අත්අඩංගුවටගෙන තිබෙන බවද පොලීසිය පවසයි.
බස්නාහිර පළත උතුර අපරාධ කොට්ඨාසය ලැබුණු පැමිණිලි වලට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.