05 Mar 2015
කන්කසන්තුරේ ඉදිවන ජනපති මැඳුරත් මට එපා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී යාපනයේ – කන්කසන්තුරේ ඉදිකිරීම් ආරම්භ කල ජනපති මැදුරේ දර්ශන මාධ්‍යට නිකුත් කර තිබේ.
රුපියල් කෝටි 250 ක මුදලක් වැය කරමින් එහි ඉදිකිරීම් සහ ගෘංහ අලංකරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබු අතර ඉන් සියයට 90 ක පමණ වැඩ අවසන් කර ඇත. අක්කර සියයක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මන්දිරය සුඛෝපබෝගී කාමර 20ක්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන 02ක්, පිහිනුම් තටාක 02ක්, ශ්‍රවනාගාර, රැස්වීම් ශාලා ඇතුළු අංග කිහිපයකින් සමන්විතය.
නාවික හමුදාවේ සෙබළුන් 300ක් පමණ මන්දිරයේ ඉදිකිරීම් වල නිරතව සිටිති.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එම ජනාධිපති මන්දිරය ද ජනසතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එවැනි සුඛෝපභෝගි මන්දිර වල වාසය නොකරන බව හෙතෙම ජනාධිපතිවරණයට පෙරද ප්‍රකාශ කර තිබුණි.