14 Mar 2015
කපාදැමූ මිනිස් පාද දෙකක් කුණු ඇළක
සැක කටයුතු ලෙස කපා දැමූ මිනිස් පාද යුගලක් දෙමටගොඩ කුණු ඇළක තිබී හමුවී තිබෙන බව වාර්තා වේ. අද උදෑසන පොලීසියට ලද තොරතුරක් අනුව එම පාද යුගල සොයාගත් බව දෙමටගොඩ පොලීසිය සඳහන් කරයි.
පොලිසිය පැවසුවේ දණහිසට ඉහලින් කපා වෙන්කරන ලද පා යුගලක් එලෙස සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.