කරාතේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකාර ‘SF ලොක්කා’ගේ සොහොයුරා අත්අඩංගුවට

null

කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ සොහොයුරා වන අසිත රණසිංහ තංගල්ල ප්‍රදේශයේදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ 25 හැවිරිදි ඔහු තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනුරපුර මුදිතා මාවතේ පිහිටි වසන්ත සොයිසාට අයත් සමාජ ශාලාවට පසුගිය 24දා රාත්‍රී පිරිසක් කඩා වැදී සිදුකළ ප්‍රහාරයෙන් ඒ මහතා මියගිය අතර මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු බව කියන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා නැමැති පුද්ගලයාගේ සහෝදරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිදෙනෙකු ලබන මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ යුධ හමුදාවෙන් පැන ගිය විශේෂ බලකා සෙබළෙකු වන ඉරෝන් රණසිංහ නමැත්තා යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>