කරාපිටිය රෝහලේ ආපන ශා‍ලාවේ ගින්නක්

null

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ – ආපනශාලාවේ ඊයේ (12) රාත‍්‍රියේ ගින්නක් හට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ රාත්‍රී 11.00 ට පමණ එහි ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ගින්න හටගත් අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය එය නිවාදැමීමට උත්සාහ කළත් අසාර්ථක වී තිබේ.

පසුව නාවික හමුදාව හා ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.

ගින්න නිසා ඒ අසල තිබූ ඖෂධ ගබඩාවකටත් හානි සිදුව ඇති බව දෙරණ නිව්ස් වාර්තා කරයි. ඊට යාබද ව ඇති පාරිභෝගික ශල්‍ය උපකරණ ගබඩාවේ තිබූ උපකරණවලට ද ගින්නෙන් හටගත් දැඩි රස්නය හේතුවෙන් හානියක් සිදුව ඇත්දැයි සොයා බලන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ගින්නට හේතුව විදුලි කාන්දුවක්යැයි සැකයක් පැවතිය ද පොලිස් වාර්තාව ලැබෙන තුරු ඒ ගැන ස්ථිර වශයෙන්ම කිව නොහැකි බව පැවසූ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ සිදුවූ හානිය ගණනය කැර නොමැති බවයි.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් සිදුව නොමැත.

null
null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>