කරාපිටිය රෝහලේ උණුසුම් තත්ත්වයක්

karapitiyahospital

ගාල්ල, කරාපිටිය රෝහල් පරීශ්‍රවය තුළ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන බව වාර්තා වේ.

ගාල්ල, කරාපිටිය රෝහල් පරීශ්‍රවයේ ඇති කසළ ඉවත් නොකිරීම හේතුවෙන් අද දිනයේ රෝහල තුළ ප්‍රතිකර කටයුතු නොකරන බව ඊයේ(24) දිනයේදී එහි අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේය.

මේ හේතුවෙන් අද(25) දිනයේ ගාල්ල, කරාපිටිය රෝහ‍ලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි පිරිසක් විසින් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම පමණක් සිදුකරන බව රෝහල් බලධාරීන් පවසයි. දැනට ගොඩගැසී ඇති කුණු ඉවත්කර ඉදිරියේදී ද කුණු ඉවත්කරන බවට ගාල්ල මහ නගර සභාවෙන් තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු රෝගී සත්කාර සේවා ආරම්භ නොකිරීමට තීරණය කැර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

මේ පිළිබඳව ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසන්නේ මෙවැන්නකි,

methsiidesilva

‘‘නගර සභාවෙන් ඉවත්කරන්නේ රෝහලේ මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණයි. දැනට රෝහලේ ගොඩගසා තිබෙන්නේ සායනික අපද්‍රව්‍ය සහිත කළුපාට පොලිතීන් මළු. මේ විදියට හැමදාමත් කරාපිටියේ සායනික අපද්‍රව්‍යත් අපට ඉවත්කරන්න බැහැ. අපි ඉරිදා සිට කුණු ඉවත්කිරීම ආරම්භ කළ බව දැන දැනත් රෝහල් බලධාරීන් දැන් රෝගීන් අමාරුවේ දමා ලිඛිත පොරොන්දු ඉල්ලනවා. දුර බැහැර සිට පැමිණෙන අසරණ රෝගීන් පත්වන අසීරුතාව සළකා බලා ඔවුන්ට සහනයක් සැළසීම මූළික කාරණයක් හැටියට ගෙන ඉදිරියේ දී මුළුතැන්ගේ අපද්‍රව්‍ය නගර සභාවෙන් ඉවත්කරන බවට අධ්‍යක්ෂවරයා ඉක්මණින් ලියුමක් භාර දෙනවා. “

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>