26 Oct 2015
කරුණා අම්මාන් ශ්රීලනිපය හැර යයි
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එකතුවීමට තීරණය කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සතියේදී පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙන බවයි.
නොවැම්බර් මස 14 වනදා කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තම තීරණයට හේතුව ඉදිරිපත් කරන බව ද විනයාගමූර්ති මුරලිදරන් මහතා පැවසීය.
කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරයක් දැරූ අතර, ඔහු දැන් එම පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.