30 Dec 2014
කලාකරුවන්ට පහරදුන් අය හඳුනාගත්තා
ගොකරැල්ල කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී කලා කරුවන් පිරිසකට එල්ල වු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ පහරදුන් බව කියන පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භකර ඇති බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.
මේ අතර ප්‍රහාරයකට ලක්වූ නවක කලාකාරිණී සමනලී ෆොන්සේකා තවමත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය අද දිනයේචී රෝහලින් පිටව යනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.