31 Dec 2014
කලාකරුවන්ට පහරදුන් චෝදනා ප්‍රතික්ෂේප කරනවා
කුරුණෑගල, කුඹුක්ගැටේදී කලාකරුවන් පිරිසකට පහරදුන් බවට තමන්ට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව වයඹ පළාත් සභා මන්තී‍්‍ර දොන් කමල් ඉන්දික මහතා පවසයි.
සිද්ධියට තමන් සම්බන්ධ යැයි, ඔප්පු වුවහොත් දේශපාලනයෙන් ඉවත්වන බවද ඒ මහතා පවසා තිබේ.
ඔහු මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ පටිගත කර ඇති වීඩියෝ හොදින් බලන ලෙසත්, තමන් කිසිදු ආකාරයේ පහරදීමක් සිදු කර නොමැති බවත්ය.
එමෙනම එම කලාකරුවන් නීති විරෝධිව බල පත්‍රයකින් තොරව එම වැඩසටහන සිදු කර බැවින් එය වැරදි බව පෙන්වා දුන් බවත්, වීඩියෝ පටයේ සඳහන් පරිදි “පලයල්ලා මෙතනින් මේක නවත්තල” පැවසුවා හැර පහරදීමක් නොකළ බවත් ඔහු පවසයි.