කලාකරුවන්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට

null

කුරුණෑගල – කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කමල් ඉන්දික පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු ගොකරැල්ල පොලිසියට අද පෙරවරුවේ භාරවීමෙන් අනතුරුවයි.

“ඒකාධිපති වියරුව පරදවමු” යන මැයෙන් ඉකුත් 29 වන දින අලුත් පරපුර කලාකරුවන් පිරිසක් විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී සංවිධානය කළ සංකෘතික ප්‍රසංගයකට මෙලෙස ප්‍රහාරයක් එල්ල වුණි.

අත්අඩංගුවට ගනු ලැබූ මන්ත්‍රීවරයා කුරුණෑගල මහේස්ත‍්‍රාත් රවින්ද්‍ර පේ‍්‍රමරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 6 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>