කවුරු දිනුවත් අගමැති පත්කරන්නේ ජනපති

null

ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ගැන කිිසිදු තිරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

තවමත් මැතිවරණයක් පැවැත්වීමට දින නියමකැර නොමැති බැවින් ඒ ගැන පසුව තීරණය කළ හැකි බව ඔහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ලංකාදීප පුවත් වාර්තා කරන පරිදි මැතිවරණයට නාම යෝජනා ලබාදීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් නාමයෝජනා මණ්ඩලයක් පත්කරණ බවත් ඉන් පසු ඡන්දයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරණ අය ඒ සඳහා ඉල්ලුම් කැර පැමිණිය යුතු බවත් හෙතෙම සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඉදිරි අගමැතිවරයා ගැන අනාවැකි කීමට නොහැකි බව විපක්ෂ නායකවරයා පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>