කසළ ගැටළුව නිසා කරාපිටිය රෝහල වැසෙන ලකුණු

01

හෙට(25) පෙරවරු 8.30 සිට ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා රෝගීන් ඇතුළත් කර නොගන්නා බව වාර්තා වෙයි.

මිට හේතු වී ඇත්තේ කරාපිටිය රෝහල් පරීශ්‍රවය තුළ දින කිහිපයක සිට ගොඩ ගැසී ඇති කැලි කසළ ඉවත් නොකිරීම බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසා ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහල, දකුණු පළාතේ ප්‍රධානතම රෝහලයි.
අද වනවිට එහි කටයුතු පවත්වාගෙන යා නොහැකි මට්ටමට කසළ බැහැර කිරීම ගැටලුවක් වී තිබේ.

අදාළ කසළ ඉවත් කිරීමේ වගකීම ගාල්ල මහ නගර සභාවට අයත් කරුණක් බවත්, කැසි කසළ ගොඩ ගැසීම හේතුවේන් රෝහලේ සිටින රෝගීන් මෙන්න එහි සිටින වෛද්‍යවරුන්, කාර්යය මණ්ඩලය පවා දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

මේ පිලිබඳ අදහස් දක්වා ඇති ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ රෝහලෙන් බැහැර කෙරෙන කසළ ඉවත් කිරීමට බැඳී නොමැති බවය.

02

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>