කහවත්ත කොටකෙතනේ කාන්තා මළ සිරුරක්

null

රත්නපුර කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි කාන්තාවකගේ මළසිරුරක් සොයාගැනීමට පොලිසිය ඊයේ (22) සමත් විය. ඒ කහවත්ත කොතකෙතන ගඟේ පාවෙමින් තිබියදීය. මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි ජේ.තිලකරානි නමැති දෙදරු මවකි.

අදාළ කාන්තාව ඊයේ පස්වරුවේ දීපවාලි උත්සවයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා කහවත්ත නගරයට පැමිණ තිබේ. අනතුරුව ඇය යළි නිවසට ගොස් ඇති අතර ඇගේ මුදල් පසුම්බිය නැතිවී තිබීම හේතුවෙන් එය මග වැටි ඇත්දැයි සෙවීමට ගොස් ඇත. එසේ පිටගොස් ඊයේ එලිවන්තුරුද යළි නොපැමිණීම නිසා ඇගේ සහෝදරිය වන සබිනා විසින් කහවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ කහවත්ත පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය පොලිස් නිල සුනක ශානා යොදවා ඊයේ පෙරවරුවේ සිට තිලකරානි සොයා ඇති අතර නිවසේ සිට මීටර 500ක් පමණ දුරින් ඇය ඇඳ සිටි සාය සහ ඇගෙ ජංගම දුරකථනය හමුවී තිබේ. ඒ අසලම පාවහන් යුගලක් තිබී ඇති අතර පොලිස් නිල සුනකයා එයට ඉව අල්ලා ඇගේ නිවාස දෙසට ගොස් අනතුරුව වේ ගඟ දෙසට ගොස් ඇත. එහිදී පොලිසිය කල සොයා බැලීම් වලදී ගඟේ කටු අකුලක රැඳී තිබු ඇගේ නිරුවත් මළසිරුර සොයාගෙන තිබේ.

පොලිසිය විසින් කල විමර්ශන වලදී හෙළිව ඇත්තේ පාවහන් යුගල ඇයගේ සැමියාගේ බවයි. සැමියා පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධයක් නිසා දෙදෙනා අතර නිතර අඩදබර ඇතිවූ බවද හෙළිව තිබේ. මෙම මරණය පිලිබඳ සැක පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත. පොලිසිය පවසන්නේ කහවත්ත කාන්තා ඝාතන රැල්ලට මෙම ඝාතනයේ සම්බන්ධයක් නොමැති බවයි.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර රෝහල වෙත යවා ඇති අතර ඇගේ හිසෙහි තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>