10 Nov 2015
කහ අත්පටි පැළඳ ක්‍රීඩා කළ කොදෙව්වන්
ඊයේ (09) පැවති පළමු විස්සයි 20 තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් ශෝකය පල කිරිම සඳහා කහ පටියක් අතේ පැලද ක්‍රීඩා කළ අයුරු දක්නට ලැබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ද මෙලෙස කහපටි පැලද සිටි නමුත් කාගෙත් කතා බහට ලක් වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කහපටි පැලද සිටීමයි.
මේ අතර දෙරට අතර දෙවන පන්දු වාර 20 තරගය කොළඹ, ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදී හෙට (11) පැවැත්වීමට නියමිතයි.