ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වේ

null

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් සිය ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (03) ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක වෙත භාර දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය මහතා තේරීම් කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ද එලෙස භාර දී තිබුන අතර සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දක්වා තිබුණේ තමා ඉල්ලා අස්වන්නේ නව අතුරුපාලක කමිටුව පත්කිරීම නිසා නොවන බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් සිය උපරිම සේවය ඉටු කිරීමට කැපවන බවත් ය.

මේ අතර තේරිම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. එමෙන්ම පසුව සෙසු සාමාජිකයන් වන ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, එරික් උපශාන්ත සහ චමින්ද මෙන්ඩිස් එලෙස ඉල්ලා අස්වී තිබේ.

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් තීරණාත්මක තරඟවලදී තේරීම් කමිටුවේ ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විවේචන එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රවීන ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ සභාපතීත්වයෙන් යුත් නව නව අතුරු පාලක කමිටුවක් ද පසුගියදා පත් කෙරුණි. ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නවතේරිම් කමිටුව ලබන සතියේ පත්කරන බව අතුරු පාලක කමිටුව සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>