ක්‍රිකට් දිවිය පිළිබද අවසන් තීරණයක් ගන්නවා

null

ඉදිරියේදී දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වුවහොත් තමන් සිය ක්‍රිකට් දිවිය පිළිබද අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ පාකිස්කානය හමුවේ එක් කඩුල්ලකින් ලද පරාජයෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

නායකයෙකු ලෙස තමන් වගකීම් සහගතව ක්‍රීඩා නොකළ බැවින් මෙම තරගාවලිය පරාජයට පත් වූ බවද මාලිංග මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෑත කාලයේ මාලිංග ක්‍රීඩා කළේ පාදයේ ආබාධ තත්ත්වයක් සහිතවයි. මේ හේතුවෙන් ඔහුට සුපුරුදු දක්ෂතා අතරට එ්මට හැකියාව නොලැබුණි. පාකිස්තානය සමග පැවැති පන්දුවාර විස්ස තරග දෙකේදීම මාලිංග දැඩි ප්‍රහාරයට ලක් විය. පළමු තරගයේදී ඔහු යැවූ පන්දුවාර 4 දී ලකුණු 46 ක් ද දෙවන තරගයේදී ඔහු යැවූ පන්දුවාර 4 දී ලකුණු 40 ක් උදුරා ගැනීමට පාකිස්කානුු පිතිකරුවන් සමත් විය.

තරග දිනවිය හැකි ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් විචාරකයින් නම් කළ මාලිංග, වර්තමානයේ දක්වන දුර්වල ක්‍රීඩා විලාශය දැන් කාගේත් කතාබහට ලක්ව තිබේ. ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පන්දුවාර විස්ස ලෝක කුසලානයක් දිනා දුන් පළමු නායකයා ලෙසටයි සැලකෙන්නේ. කෙසේවෙතත් ඉදිරි තරගාවලි කිහිපයේදී මාලිංග දක්වන දක්ෂතා මත ඔහුගේ ක්‍රිකට් අනාගතය රැදී තිබෙනු ඇති බවට ඔහු විශ්වාස පළ කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>