ක්‍රිකට් පාලනය සිදත් වෙත්තමුණි අතට

null

පසුගිය සිකුරාදා (මාර්තු 27)ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

එම අතුරු කමිටුව ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක විසින් පත්කර ඇති අතර නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවිය සිදත් වෙත්තමුණි වෙත පවරා ඇත.

බීබීසී පුවත් වර්තා කරන පරිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව ය.

අගමැතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ දුෂණ හා වංචා ගැන පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රිකට් ආයතනය පාලනය කරන බවයි.

ක්‍රිකට් නිලවරණයක් පැවැත්වුවහොත් එය මෙම වංචා දූෂණ සෙවීමේ පරීක්ෂණවලට බාධාවක් විය හැකි බව ද අගමැතිවරයා පෙන්වා දී ඇත.

ගැසට් පත්‍රය අනුව දැනට බලයේ සිටින ක්‍රිකට් පාලක මණ්ඩයේ තනතුරු අප්‍රියෙල් මස පළමු වෙනි දින පටන් අහෝසි වෙන අතර ඒ වෙනුවට පත් කෙරෙන අතුරු පාලක මණ්ඩලයට සිදත් වෙත්තමුණි, ප්‍රකාශ් ශාෆ්ටර්, ලුසිල් විජේවර්ධන, කුෂිල් ගුණසේකර සහ කපිල විජේවර්ධන ඇතුලත් නිලධාරීන් මණ්ඩලයක් නම් කරනු ලැබ ඇත.

ඒ සමඟ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට සිව් දෙනකුගෙන් සමන්විත සාමාජික මණ්ඩලයක් ද නම් කරනු ලැබ ඇති අතර නුස්කි මොහමඩ්, ප්‍රසන්න ජයවර්ධන, ජයනන්දවර්ණවීර සහ දුමින්ද හුලංගමුව ඊට ඇතුලත් වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>