ක්‍රිකට් පිටියේ දරුණු අනතුරක්

null

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් තරගයක් අතරතුර පන්දුවක් වැදීමෙන් සිහි මුර්ජා වීමකින් පසුව රෝහල්ගත කර තිබේ.

ඕස්ටේ‍්‍රලියාවේ අද පැවැත්වූ ප‍්‍රාන්ත කි‍්‍රකට් තරඟයකදී වේග පන්දු යවන්නෙකුගේ බවුන්සර් පන්දුවක් හිසේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

පන්දුව හිසේ වැදී සුළු මොහොතකින් ඔහු සිහි මුර්ජා වී ඇද වැටෙන අතර ඉන්පසු ආධාරකයක රදවා පිටතට ගෙන ප‍්‍රථමාධාර ලබාදීමෙන් පසු හෙලිකොප්ටරයක් ද කැදවා ඔහු රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆිල් හියුස්ගේ තත්ත්වය බරපතළ බව ය. රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඔහු කෝමා තත්වයේ පසුවන බව වාර්තා වේ.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ පැය 48ක් යනතුරු ඔහුගේ තත්වය නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>