ක්‍රිස්ටීන් ස්ටුවර්ට් සිනමාවෙන් සමුගනියි

null

ට්වයිලයිට් සාගා චිත්‍රපට මාලාව තුළින් සුපිරි තරුවක් ලෙස සිනමා ලොව වැජඹුණ ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ග තම සිනමා දිවියට තාවකාලිකව සමුදීමට තීරණය කර තිබේ.

ඒ සිය ඒකාකාරී සිනමා ජීවිතයෙන් මිදී ඇයට නිදහසෙන් සහ සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට අවශ්‍ය බවත්, තම නිර්මාණශීලි හැකියාවන් යොදාගෙන යමක් කිරීමට අවශ්‍ය බවත් පවසමිනි.

තවමත් 24 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටීන් ස්ටුවර්ට් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳව පවසා ඇත්තේ, “මම අවුරුදු දෙකක කාලය තුළ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුණා. දැන් මට ඕනෙ මෙම ක්ෂේත්‍රයෙන්, සමාජයෙන් පොඩ්ඩක් ඈත්වෙලා නිදහසේ හුස්ම ගන්න. අපි මෙම රැකියාවත් සමග කරන්නේ හැමදාම අනෙකත් සමග තරගයට දුවන එකයි. මට මේ දෙය එපාවෙලා තිබෙන නිසයි මම ඉවත්වීමට තීරණය කරන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම හරි කැමැතියි චිත්‍ර අඳින්න. පොඩි කාලෙත් මම චිත්‍ර ඇන්දා. මට ඕනේ විවේක කාලයත් චිත්‍ර අඳිමින් ගතකරලා සැහැල්ලුවෙන් ඉන්නයි” යනුවෙනි.

2014 වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ අවසාන චිත්‍රපටය වන්නේ ස්ටිල් ඇලිස් චිත්‍රපටයයි. එම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක්ද විය. පසුගිය වසර කිහිපයේ වැඩිම අදායමක් ලැබූ හොලිවුඩ් නිළිය ක්‍රිස්ටීන් ස්ටුවර්ට් ලෙස ෆෝබ්ස් සඟරාව නම් කර තිබුණි.

මෙම වසරේදීත් ඇයට චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබී ඇතත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම පුවත ඇගේ රසිකයන් දැඩි කනස්සල්ලට පත්කරන කාරණයක් වනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>