කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් පාවෙයි

null

මාදම්පේ – තිණිපිටිය වැවේ කාන්තාවකගේ අඩ නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඇය එම ප්‍රදේශයේ සිටි යාචක කාන්තාවක් බවයි.

එම කාන්තාව 42 හැවිරිදි ශාමිලා ද සිල්වා නැමැත්තියකි.

පසුගිය කාලයේ විවෘත කරන්නට යෙදුණ මාදම්පේ පිහිටි ඇවිදින මංතීරුවේ දිනපතා උදෑසනට ව්‍යායාම කිරීම එම ප්‍රදේශයේ බොහෝ අය පුරුද්දක් ලෙස කරගෙන යන්නකි.
එසේ ගමන් කළ අයෙකු උදෑසන එහි පොකුණක් අසළින් ගමන් කරද්දී දියමංකඩෙහි නිරුවතින් කාන්තාවක පාවෙනු දැක බියට පත්වී ඇත.

ඇය ස්නානය කරනවාදැයි මුලින් සැක කළත් පසුව කිට්ටුවී බලද්දී ඇය පාවෙන්නේ නිසොල්මනේ බව එම පුද්ගලයා හඳුනාගෙන ඇත. පසුව අවට පිරිස සමගද එක්වී මේ ගැන සොය බලා මේ ගැන පොලිසියට දැනුම් දෙන්නට ඔහු කටයුතු කර ඇත.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට උදෑසන ලබාදුන් තොරතුරක් මත එම ස්ථානයට ගොස් මෙම සිද්ධිය මාදම්පේ පොලිසිය මගින් පරීක්ෂා කිරීමේදී උඩුබැලි අතට පාවෙමින් තිබුණ ඇයගේ නිරුවත් සිරුර හමුවී තිබේ. එම ස්ථානය අසළ ඇවිදින මංතීරු බංකුවක් මත ඇගේ යයි සැක කළ හැකි කාන්තා උඩු කය ඇඳුමක්ද (බ්ලවුසයක්) සොයාගෙන තිබුණි. ඒ අසළ දත් ඛෙහෙත් ටියුබයක්ද තිබී ඇත. ඇය හමුවූ දිය කඩිත්තේ තිබී සබන් කැටයක්ද හමුවී ඇත.

මේ අතර වැඩිදුර පරීක්ෂාවේදී සිරුර තිබූ ස්ථානයට මීටර සියයක් පමණ දුරින් ඇවිදින මංතීරුවේ ලේපැල්ලම් දක්නට ලැබුණ බවද වාර්තා විය. කෙසේ වෙතත් ඇය මියගියේ කෙසේද යන්න ගැන මෙතෙක් අනාවරණය වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>