කාන්තාවකගේ පියයුරු සපා කෑ අයෙක් අත්අඩංගුවට
මාතර – වැලිගම ප්රදේශයේ දහඅට හැවිරිදි විවාහක කාන්තාවකගේ පියයුරු සපා කෑ 25 හැවිරිදි එක්දරු පියකු අත්අඩංගුවට ගෙන තිබේ.
අසනීප තත්ත්වයෙන් පසුවන තම මව බැලීමට පැමිණි දියණියට හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ සැකකරු මෙලෙස අතවර කර ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වූ දින රාත්රියේ අතවරයට ලක්වූ කාන්තාව හා ඇගේ මව පමණක් නිවසේ සිට ඇති අතර ඇය රාත්රියේ නිවසින් එලියට පැමිණ ඇත්තේ නොකඩවා බල්ලන් බුරන හඬ ඇසීමත් සමගයි.
ඇය ගෙවත්තට යමෙකු ඇතුළු වුවාද යන්න සොයා බලන්නට විදුලි පන්දමක්ද රැගෙන නිවසින් එළියට පැමිණ ඇත්තේ ඇගේ අසනීප වූ මවද සමගයි. එම අවස්ථාවේ සැඟවී සිටි සැකකරු දහඅට හැවිරිදි විවාහක කාන්තාව තමා වෙත ඇදගෙන හැට්ටය ඉරා දමා ඇගේ පියයුරු සපා කන්නට පටන් ගෙන ඇත.
පසුව ඇය කෑ ගසන හඬ ඇසී එහි පැමිණි අසල්වාසීන් සැකකරු අල්ලා පහරදී තිබෙන අතර සැකකරු මහත් වෑයමෙන් ඔවුන්ගෙන් ගැලවී පලාගොස් තිබේ.
පසුව සැකකරු රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.