කාන්තාවක් ඇසැබි ඡායාරූප ළඟ තබාගෙන අනියම් සැමියාගේ මුදල් විදලා

null

අනියම් සැමියා සමග හොර රහසේ පෙම් සුව විඳි කාන්තාවක් ඔහුගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්‌ෂ ගණනක මුදල් සූක්‍ෂම අන්දමින් වංචා සහගතව ලබාගෙන පසුව සිය අනියම් සැමියා තමාට හිරිහැර කරන ලද බවට මතුගම පොලිසියට පැමිණිල්ලක්‌ කොට තිබේ.

මෙම කාන්තාව කළුතර නගර මධ්‍යයේ පස්‌ මහල් රාජ්‍ය ගොඩනැඟිල්ලක ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්‌ථානයක සේවය කරන අතර ඇගේ අනියම් සැමියා ලංගම බස්‌ රථ රියදුරෙකි.

පැමිණිල්ල පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වීමට ඇයගේ අනියම් සැමියා පොලිසියට කැඳවූ අවස්‌ථාවේදී ඔහු සිය බැංකුවේ ගිණුමෙන් මුදල් ගෙන ඇය වෙත මුදල් ලබාදුන් ආකාරය පවසා ඇති අතර එම කාන්තාව තමා සමග කැමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරුණු වීඩියෝ පටයක්ද ඔහු පොලිසිය වෙත ලබා දී තිබේ.

මම ඇයට හිරිහැර කරන්නේ නැහැ. මා සමග ඇය අඹු සැමියන් ලෙස ගත කළ අයුරු මෙම ජංගම දුරකථන කැමරාවේ තිබෙනවා යෑයි ඔහු පොලිසියට ප්‍රකාශ කිරීමෙන් පසුව එම කැමරාවද ගමනා ගමන වෛද්‍ය මණ්‌ඩලයේ සේවය කරන පැමිණිලිකාර කාන්තාවගේ ජංගම දුරකථනයද මෙසේ පරීක්‍ෂණ සඳහා පොලිස්‌ භාරයට ගෙන ඇත. එහිදී එම කාන්තාවගේ ජංගම දුරකථනයේද ඔවුන් දෙදෙනාගේ දෙදෙනාගේ නිරුවත් ඡායාරූප තිබී සොයාගෙන ඇත.

මේ අනුව කාන්තාවගේද ඇයගේ අනියම් සැමියාගේද ජංගම දුරකථන ඡායාරූප පිළිබඳව පරීක්‍ෂණ පවත්වා වාර්තාවක්‌ ලබාදෙන ලෙස මතුගම අතිරේක මහෙස්‌ත්‍රාත් තරංගා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු පීඨයට නියෝග කොට තිබේ.

මෙම කාන්තාව ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආදරය කාලයක්‌ දිනාගෙන සිටි බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>