කාන්තාවන් තිදෙනෙක් මුදල් පසුම්බියකට විදියි – video

null

උත්සව සමය හේතුවෙන් මේ දින වල නගරාසන්න ප්‍රදේශවල සාප්පු සංකීර්ණ වල පවතින්නේ ජනාකීර්ණ තත්වයකි. මේ හේතුවෙන් වෙනදාටත් වඩා පික් පොකට් කරුවන් මේ කාලයේ බහුලව සිටිය හැක. එවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වුනි.

තවත් එවැනි සිදුවීමක් ජාඇල ප්‍රදේශයේන් වාර්තා වේ. මෙවර කාන්තාවන් තිදෙනෙක් එකතුවී තවත් කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගෙන තිබේ.

රෙදිපිළි අලෙවි සැලක් තුලදී මෙම සොරකම සිදු කර ඇති අතර පාරිභෝගික කාන්තාවකගෙන් තවත් කාන්තාවන් තිදෙනෙක් රුපියල් 40,000 ක මුදලක් සොරකම් කර තිබෙ.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි මෙම සැකකාර කාන්තාවන් තිදෙනා රෙදිපිළි අලෙවි සැලට පැමිණෙන්නේ උත්සව සමයේ කාර්ය බහුල වේලාවක වන අතර සොරකමට පෙර එක් කාන්තාවක් සී.සී. ටී.වී. ආරක්ෂිත කැමරාව මුවා කර ඒ අවසරයෙන් අනෙක් කාන්තාව පහත් වී පාරිභෝගිකයෙකුගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බිය සොරකම් කරයි. මුදල් පසුම්බිය සොරකම් කර ඇත්තේ අදාළ කාන්තාවගේ ගමන් බෑගය කපා දමමින්ය. සොරකම අවසන් වීමෙන් අනතුරුව කාන්තාවන් තිදෙනා කිසිදු බාධාවකින් තොරව පිටත්ව යන අයුරු cctv කැමරා වල සටහන්ව තිබේ.

මුදල් පසුම්බියේ හිමි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමන් දුප්පත් බවත් සහෝදරයකුගෙන් මෙලෙස මුදල් ඉල්ලගෙන පුතත් සමග ඇඳුම් ගැනීමට ගිය අවසත්වේ මෙම සිද්ධිය සිදුවූ බවත්ය. ඇය ඉල්ලා සිටින්නේ මෙම කාන්තාවන් තිදෙනා අල්ලා දඬුවම් ලබාදෙන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය ඉල්ලා සිටින්නේ තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>