කාන්තාවන් තිදෙනෙක් සැඩ පහරකට හසුවී මියයයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඇඹිලිපිටිය – මහපැලැස්ස මාර්ගයේ හුලන්දාව ඔය ගලා බසින සපත්තු පාලමෙන් එගොඩවීමට ගිය කාන්තාවන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු සැඩපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබේ.
මේ වනවිට කාන්තාවන්ගෙන් දෙදෙනෙකු සිරුරු සොයාගෙන ඇති බවත්, අතුරුදන්වූ අනෙක් කාන්තාව සොයා මෙහෙයුම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඊයේ පස්වරු 7 ට පමණ මෙම කාන්තාවන් තිදෙනා සපත්තු පාලමෙන් එගොඩවීමට ගොස් ඇති අතර පසුව ඔවුන් තිදෙනා සැඩපහරට හසුව ගසාගෙන ගොස් තිබේ. ප්‍රදේශවාසීන් සහ පොලිස් නිළධාරීන් එක්ව ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ජල ගැලීම් සහ වෙනත් වැසි ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව මේ වන විට දෙලක්ෂ අසූ අටදහස ඉක්මවා තිබේ. ඔවුන්ගෙන් විසි දෙදහසක් පමණ තාවකාලික කඳවුරුවල රැුඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්යක්ෂ සරත් ලාල් කුමාර මහතා පවසයි.