කාන්තාවන් බියර් අරක්කු භාවිතය ඉහළ ගිහින්

null

මෙරට අවුරුදු 18ට වැඩි කාන්තාවන් අතර පසුගිය වසර 10ක කාලය තුළ බියර් හා අරක්කු භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

ආචාර්ය චාමර නිලන්ත සමරසිංහ මහතා අද පුවත්පතට සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය උගත්, මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවන් අතර, වාර්තා වීම බැරෑරුම් තත්ත්වයක් බවට පත්ව ඇති බව යි.

එසේම මෙරට හෙරොයින් භාවිතයට හුරුව සිටින කාන්තාවන් 500ක් පමණ වාර්තාවන බවත්, ඔවුන්ගෙන් බහුතරයක් ගණිකාවන් ලෙස හඳුනාගෙන ඇති බවත් හෙතෙම සඳහන් කර ඇත.

අද පුවත්පත වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් දේශපාලනය හා මත්ද්‍රව්‍ය අතර, පවතින සබඳතාව බිඳදැමිය යුතු බවත්, ඒ සඳහා මාර්තු 12 ප්‍රකාශය සමග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයද එක්ව කටයුතු කරන බව යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>