කාන්තාව මරා බෑගයක ගෙනා ඝාතකයින් CCTV වලින් හෙළිවේ – Video
පිටකොටුව – බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ මව විසින් අද (31) හඳුනා ගෙන තිබේ.
ඒ අනුව ඇගේ මව වන ධර්මරාජන් කලෙයිවන්ගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ප්රකාශයක් සටහන් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය – වඩුක්කෝඩෙයි ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්. ඇය මීට දින 07 කට පෙර කොළඹ ප්රදේශයට පැමිණ යම් පුද්ගලයෙකු සමඟ හෙට්ටිවීදිය ප්රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන ඇත. ඇයගේ සැමියා විදේශ රැකියාවක නිරතව සිටින බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
එම තොරතුරු ඔස්සේ වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ පොලිසිය අදාළ ලැගුම්හලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවට ලක් කර ඇති අතර එම දර්ශනවල සැකකරු ඝාතනය සිදුකර ගමන් බෑගයේ මළ සිරුර දමා රැගෙන යන ආකාරය පැහැදිලිව සටහන් වී ඇති බවයි පොලිසිය පවසයි. මියගිය කාන්තාව සහ සැකකරු පිළිබඳ ලැගුම්හලේ හිමිකරු ද තවත් තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.
මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණයන්ට අනුව ඝාතනය සිදුකළ සැකකරු නිශ්චිතව හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්රියාත්මක කර ඇති බව සඳහන්.
එම සී.සී.ටී.වී දර්ශන පහතින්…