15 Nov 2015
කාන්තා ආකර්ෂණය ලබාගන්න සුදු ලූනු ආහාරයට ගන්න
සුදු ලූනු ආහාරයට ගැනීමට පුරුදුව සිටින පුරුෂයන් වෙත කාන්තා පාර්ශ්වය වැඩිපුර ඇදී එන බව නවතම පර්යේෂණයකින් හෙළි වී ඇතැයි බී.බී.සී.ය පවසයි.
විද්‍යාඥයන් පවසන ආකාරයට සුදු ලූනු යන ප්‍රතිජීවකයකි. එමෙන්ම, ප්රතිවෛරසයකි. දිලීර මර්දනය ගුණයෙන් යුතුය. මේ තත්ත්වය තුළ සුදු ලූනු ආහාරයට ගන්නා පුරුෂයන් සෞඛ්‍ය සම්පන්න පුරුෂයන් ලෙස කාන්තාවන් විශ්වාස කරන බව විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම සුදු ලූනු ආහාරයට ගන්නා පුරුෂයන් ආශ්‍රිතව ගලා එන දහදිය සුවඳට මෙසේ කාන්තාවන් ආකර්ෂණය වන බව එම පර්යේෂණය තවදුරටත් තහවුරු කර තිබේ.
බ්‍රිතාන්‍යයේ සුදු ලූනු වගාවක් පවත්වාගෙන යන ව්‍යාපාරික කාන්තාවක් පවසා ඇත්තේ සුදු ලූනු ආහාරයට ගන්නා අයගේ මුඛයෙන් දුර්ගන්ධයක් විහිදෙන බව පැවසුණත්, සැබවින්ම සුදු ලූනු ආහාරයට ගෙන බැලූ විට එහි සැබෑ වෙනස වටහා ගත හැකි බවයි.