කාන්තා මළසිරුර බෑගයේ දමා ගිය සැකකරු අල්ලයි

null

පිටකොටුව, බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පළේ ගමන් බෑගයක තිබී මළ සිරුරක් හමුවීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කොළඹ, අපරාධ කොට්ඨාසය විසින් මන්නාරම කෝවිල්කුලම් ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බවත්, වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>