කාන්තා යටිකය කොටසක් හමුවෙයි
කල්පිටිය එරඹුදූව දූපතට ගොඩ ගසා තිබූ පොහොර උරයක තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක යටි කය කොටසක් හමුවී ඇති බව කල්පිටිය පොලීසිය කියයි.
ඊයේ (04) පස්වරුවේ කල්පිටිය එරබුදුව දූපතට ගොඩගසා තිබූ මෙම පොහොර උරය ගැන ධීවරයෙකුගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් ගොස් කළ පරීක්ෂාවකදී මෙම පොහොර උරය සහ සිරුරු කොටස හමුවී තිබේ.
පොහොර උරයට මළ සිරුරේ කොටසඇතුළු කර ඊට වැලි පුරවා පසුව කළපුවේ ගිල්වා ඇති බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි.
පොහොර උරය පිපිරී වැලි ඉවත් වීමෙන් අනතුරුව එය දිය මතු පිටට පැමිණ දූපතටගොඩ ගසා ඇත.
ඒ අනුව සතියකට පමණ පෙර මෙම මළසිරුරේ කොටස මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
එම මළ සිරුරේ උඩු කය කොටස මෙතෙක් හමුවී නැති අතර ඝාතනයට ලක්ව ඇත්තේ කාගේ කව්රුන්ද යන්නමෙතෙක් අනාවරණය වී නැත.
කල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.