කාසල්රි ජලාශයේ සිසුවියකගේ මළසිරුරක්

null

දින 03 කට පෙර අතුරුදන් වූ බව කියන පාසල් ශිෂ්‍යාවකගේ මළසිරුරක් කාසල්රි ජලාශයේ තිබියදී අද (29) උදෑසන සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හැටන් – ඔස්බෝන් වතුයායට අයත් කාසල්රී වත්තේ පදිංචි 20 හැවිරිදි මෝහනරාජ් ප්‍රියන්තිනි නමැති සිසුවියකි.

ඇය ලබන වසරේ උසස් පෙළ විභාගය සඳහා පෞද්ගලික අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙමින් සිට ඇත.

ඇය දින 03ක සිට අතුරුදන්ව ඇති බව දෙමාපියන් නෝර්ටන් බි‍්‍රජ් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අතර ඉන්පසු සිදුකල මෙහෙයුම් වලදී ඇයගේ සිරුර මෙලෙස සොයාගෙන තිබේ.

අදාල ශිෂ්‍යාව දිය නෑමට ගොස් ජලාශයට වැටුනේද නැතහොත් සියදිවිනසා ගත්තේද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසයි.

නෝර්ටන් බ්‍රිජ් පොලිසිය වැඩි දුර විමර්ෂණ සිදු කරයි.

null
null
null
null
null

Pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>