කැකිරාව සහ දඹුල්ල බැංකු කොල්ලයේ සැකකරු එකම කෙනා බව හෙළිවේ
කැකිරාවේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණ අත්බෝම්බයක් පුපුරා යාමෙන් මියගිය සැකකරු පසුගියදා දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 8 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරු බවට අනාවරණ වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
මෙම සැකකරු ගල්ගමුව – මහන්නේරිය තෙත්බේගම පදිංචි 27 හැවිරිදි අසංක බාලසූරිය නැමැති අයෙකි.
පසුගිය ඔක්තෝම්බර් මස 13 වනදා මොහු දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවකට ඇතුලූවී රුපියල් ලක්ෂ 8 ක මුදලක් කොල්ලකනු ලැබුවේ ද අත් බෝම්බයක් පෙන්වා සේවකයන් බිය ගන්වමිනි.
පසුව ඔහු මුදල් සමඟ බැංකු සේවකයෙකුද ත්රිරෝද රථයකට නංවාගෙන පැහැරගෙන ගොස් තිබුණි. පසුව කොල්ලකරු අදාළ ත්රිරෝද රථයේ රියදුරාට රුපියල් දහසක මුදලක් ලබාදී එම සේවකයා අදාළ බැංකුව වෙත ගෙනගොස් ඇරලන ලෙසට දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් එම සැකකරුම කැකිරාව රෝහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකෑම සඳහා අත් බෝම්බයක් රැගෙන බැංකුවට ඇතුලූ වූයේ ඊයේ පස්වරුවේයි.
එම අවස්ථාවේ බැංකුවේ ආරක්ෂක නිලධාරියා කොල්ලකරුගේ ගමන වැළැක්වීමට යාමේදී මොහු විසින් එම අත්බෝම්බය පුපුරුවා හැර තිබේ.
සිද්ධියෙන් සැකකරු මෙන්ම ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, හතරදෙනෙකු තුවාල ලබා තවදුරටත් දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබයි. මියගිය ආරක්ෂක නිලධාරියා කැකිරාව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක තරුණයෙක්.