කැටපත් පවුරේ ආරක්ෂාවට වීදුරු ආවරණයක්

null

සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් යෙදීමට සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා තීරණය කර තිබේ.

ඒ ඊයේ ඔහු සීගිරියේ නිරික්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුවයි. ඔහුත් සමග විද්වත් කණ්ඩායමක්ද සීගිිරියට ගොස් කැටපත් පවුර නිරීක්ෂණය කර තිබේ.

පසුගිය දිනවලදී සීගිරිය නැරඹීමට පැමිණි කිහිපදෙනෙකු විසින් කැටපත් පවුරේ නම් ලිවීමට ගොස් එයට හානි කර තිබුණි. එමෙන්ම කුරුළු වසුරු සහ වැසි ජලය හේතුවෙන්ද කැටපත් පවුර තර්ජනයට ලක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි අමාත්‍යවරයා මාධ්‍යට මෙසේ අදහස් දක්වා තිබේ.

“මේකට හානිවන අයුරු අපි අවභෝධ කරගත්තා. එකක් එළියේ ඉන්න කුරුල්ලන්ගේ වර්චස් ගලාගෙන ඇවිල්ලා මේවාට හානි වෙනවා කියලා දැනගන්න ලැබුනා , ඒ වගේම උඩ කටාරම්වලින් සිමෙන්තිවලින් ඒ බැමිවල ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාවක් නිසාත් මේක වෙනවා කියලා වාර්තා වෙනවා. අනුව මේකට කළයුතු දේ ගැනත් අපි සාකච්ඡා කරා. ඒ අය යෝජනා කරා එකක් විදුරු ආවරණයක් දාන්න, ඒ වගේම වැසි ජලයෙන් සහ කුරුල්ලන්ගෙන් වෙන හානිය අවම කරගන්න උඩින් ආවරණයක් යොදන්න ආලෝක ධාරාවට හානියක් නොවෙන්න.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>