කැටපත් පවුරේ කුරුටුගෑ තරුණියට නිදහස

null

සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිර දඩුවම් නියමවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද (30) නිදහස් කර තිබේ.

ඇයගේ පවු‍ලේ ඥාතීන් රජයෙන් කල ඉල්ලීමකට අනුව පසුගිය 02 වනදා ඇයට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටියාය.

කෙසේ වුවද අදාළ නියෝගය ලැබීමෙන් පසුව අද එම තරුණියට බන්ධනාගාරයෙන් නිදහස ලබාදී තිබේ.

මඩකළපුව ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදය ශ්‍රී නමැති 27 හැවිරිදි තරුණිය ඉකුත් පෙබරවාරි මස 14 වනදා ඇය සීගිරිය නැරඹීම සඳහා පැමිණි අතර කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් නම ලිවීම නිසා කැටපත් පවුරට හානි කළැයි චෝදනාව මත අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකක සිරදඬුවමක් නියම විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>