කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට සමාවදෙන ලෙස ජනපතිට ලිපියක්

null

සීගිරියේ කැටපත් පවුරේ කොන්ඩ කටුවකින් කුරුටු ගෑමේ වරදට චෝදනා ලබා වසර දෙකක සිරදඬුවමක් නියම වූ මඩකලපුව – සිත්තන්ඩි හි පදිංචි තරුණියට පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

පසුගිය පෙබරවාරි මස 14 වන දා කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර තිබීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දෙනු ලැබුවේය. අනතුරුව දඹුල්ල අධිකරණය මගින් ඇයට වසර 2 ක සිරදඬුවමක් නියම කරන ලදී.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි උදයශ‍්‍රී නමැති මෙම දෙමළ ජාතික තරුණියගේ මවගේ දුක්ගැනවිල්ල පිළිබඳව මාධ්‍යවලින් පළ වූ වාර්තා සැලකිල්ලට ගෙන සහ විද්වතුන් කරන ලද අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව ඇයට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පළමුව ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>