කැටපත් පවුරේ ලියූ තරුණියට වසර 2ක සිරදඬුවම්

null

ඓතිහාසික සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අක්ෂර කිහිපයක් ලිවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මඩකළපුව ප්‍රදේශයේ තරුණියට වසර දෙකක සිරදඬුවමක් ලබාදී තිබේ.

පසුගිය පෙබරවාරි මස 14 වන දා කැටපත් පවුරේ ඇයගේ පෙම්වතාගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර තිබීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දෙනු ලැබුවේය.

පසුව පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම තරුණිය ඊයේ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇය වරද පිළිගෙන තිබේ.

ඒ අනුව දඹුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් ඇයට වසර දෙකක සිරදඬුවමක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ති‍්‍රත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප‍්‍රදර්ශනය කර තිබේ.

Uthaya Thanks යනුවෙන් ඇය කුරුටු ගෑ තිබූ ආකාරය පහතින්.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>