කැටපත් පවුරේ ලියූ තරුණිය අල්ලයි

null

සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ 27 හැවිරිදි තරුණියක පුරාවිද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබේ.

ඇය මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඊයේ (14) ඇය සේවය කරන ඇඟළුම් කම්හලේ සාමාජිකයන් සමඟ විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණ තිබේ.

එහිදී ඇය කිසියම් පුද්ගලයෙකුගේ නමක් සහ ‘‘ස්තූතියි’’ යන වචනය කැටපත් පවුරේ සටහන් කරමින් සිටින අවස්ථාවේ පුරාවිද්‍යා නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ති‍්‍රත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප‍්‍රදර්ශනය කර තිබේ.

මෑත කාලයේ කැටපත් පවුරට හානි කිරීමේ චෝදනා මඩකලපුව ප‍්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද විශේෂත්වයක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>