07 Oct 2014
කැපුනු අතට අචලා නඩු මගට – කෝටී 10ක් වන්දි ඉල්ලයි
රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි කියමින් නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනු කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ මාතර මහරෝහලේ අධ්යක්ෂවරයා, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා, සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයායි.
නිවසේ පඩි පෙළකින් වැටි වම් අතේ ඇටයක් බිඳීම නිසා 2013 ජනවාරි 13 වැනිදා මාතර රෝහලට ඇතුළු කළ බවත් මාතර රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එහිදී අත කපා දැමු බවත් වෛද්‍යවරුන් වගකීමෙන් හා සුපරික්ෂාකාරීව ක්‍රියා කළා නම් තම අත නොකපා සිටීමට හැකිව තිබු බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.
මේ වන විට ඇය නීති උපාධිය ලබා සිටින අතර දෙසැම්බර් මාසයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.