කැමරාව රැගෙන ඇනකොන්ඩාගේ බඩට ගිය මිනිසා

null

ලොව ප්‍රකට ඩිස්කවරි නාලිකාවේ වන සතුන් ගැන පර්යේෂණ පවත්වන පෝල් රෝසොලි විසින් තමාව ඇනකොන්ඩාවෙකුට පණපිටින් ගිල ගැනීමට සලස්වා තිබේ. ඒ ඩිස්කවරි නාළිකාව ඔස්සේ විකාශය වන ‘‘ඊට්න් අලයිව්‘‘ නම් වාර්තාමය වැඩසටහන සඳහාය.

ඔහු මෙම අවධානම් කටයුත්ත කිරීමට තීරණය කොට ඇත්තේ ඇනකොන්ඩාවෙකු ගොදුරට ලංවන අයුරු, ගොදුර ආහාරයට ගන්නා ආකාරය, ඇනකොන්ඩාගේ සිරුර තුලදී ගොදුරට සිදුවන විපර්යාසය අධ්‍යනය කිරීම සඳහාය.

මේ වෙනුවෙන් ඔහු සුවිශේෂී ඇඳුමක්ද නිර්මාණය කරගෙන තිබේ. කාබන් තන්තු වලින් තැනූ ශක්තිමත් මුත් ඉතා නම්‍යශීලී වන සංයෝගයෙන් තැනූ එම ඇඳුමේ ඔක්සිජන් සැපයුමක්,කැමරා ආදී උපකරණද සවිකර තිබී ඇත. ඒ ඇනකොන්ඩා තමාව ගිල ගැනීමෙන් පසු ක්‍රියාවලිය පටිගත වීම සඳහාය.

පෝල් ඇතුළු පිරිස මාස ගණනක් පුරා තම සැලැස්මට සුදුසු ඇනකොන්ඩාවෙකු සොයා ඇති අතර පසුව ඇමසන් වනාන්තරයෙන් සොයාගත් ඇනකොන්ඩාවා අඩි 25 ක් පමණ දිගින් හා රාත්තල් 400 ක් පමණ බරින් යුතු බව වාර්තා වේ. මෙම ක්‍රියාවේදී ඇනකොන්ඩාට සිදුවන අපහසුතාව වලක්වා ගැනීමටත් ඇනකොන්ඩාගේ ආරක්ෂාවත් පිලිබඳ පෝල් සැලකිලිමත් වී ඇත.

ඇනකොන්ඩා විසින් ගොදුරක් ගැනීමෙන් පසු වමාරන අතර ඒ අතරතුර ජීවිතය බේරාගැනීම පෝල්ගේ සැලසුම වී තිබේ.

ඒ අනුව පෝල් රෝසොලි තම සුවිශේෂී ඇඳුම ඇඟ ලා ගෙන ඇනකොන්ඩාගේ අවධානය ගනු ලැබීම සඳහා ඌරු ලේ ඇඟ පුරා දවටාගෙන ඇනකොන්ඩාගේ ගොදුර බවට පත්වී ඇත.

ඉන්පසුව සිදුවන දේ ඉදිරියේදී ඩිස්කවරි නාළිකාව ඔස්සේ විකාශය වීමට තිබෙන ‘‘ඊට්න් අලයිව්‘‘ වැඩසටහන ඔස්සේ නැරඹිය හැක. එම වැඩසටහන දෙසැම්බර් 7 වන ඉරිදා රාත්‍රී 9ට විකාශය වීමට නියමිතය.

තවමත් ජීවතුන් අතර සිටින පෝල් තමන් ලැබූ අත්දැකීම වචන වලින් විස්තර කළ නොහැකි බව පවසයි. කාබන් තන්තු වලින් තැනූ ඇඳුම නිසා ඔහුට කිසිත් හානියක් සිදුව නොමැත.

විකාශය වීමට නියමිත වැඩසටහනේ රූප පෙළක් පහත දැක්වේ.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>