කැම්පස් සිසුන් 5ක් නාන්න ගිහින් සිසුවියක් නිරුවත් කර ෆොටෝ ගහලා

null

මහනුවර – මහවැලි ගඟේ කළුගමුව ගඟ ආශ්‍රිතව දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් 5ක් හා සිසුවියක් අධික ලෙස බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබේ.

අරක්කු බෝතල් 2ක්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇත. ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත.

අනතුරුව පොලිසිය පැමිණෙන තුරු මොවුන් පැමිණි යතුරුපැදිවල හුළං ඇර ඔවුන්ට පලා යෑමට නොදී සියලු දෙනා වට කොට රැඳී සිට ඇත. ඒ අතරතුර ඡායාරූප ගත් කැමරා දුරකතන මොවුන් ඇළට විසිකර ඇති බව ප්‍රදේශවාසීහු පැවැසූහ. පේරාදෙණිය පොලිසිය පැමිණ මොවුන් රැගෙන ගොස් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කොට ඇති අතර එහිදී සියලු දෙනා බීමත්ව ඇති බව තහවුරු වී තිබේ.

මොවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක වේ. මහනුවර, කටුගස්තොට පදිංචි තරුණිය හා මීගලෑව, අරණායක, ගල්නෑව, බොරලැස්ගමුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිවුදෙනා මහනුවර අධිකරණය වෙත ඊයේ (26දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හානියට පත්ව තිබූ මොවුන් පැමිණි යතුරුපැදි 3ක්ද පොලිසිය විසින් ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන විත් තිබිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>