කැලණි ගඟට කුණු දැමූ 9ක් අත්අඩංගුවට

null

කැළණි ගඟට කසල බැහැර කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් නාවික කොට්ඨාශ නිලධාරීන් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් වත්තල හා පෑලියගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර මේ අතරින් 5 දෙනෙකුම කාන්තාවන් වෙයි.

පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් පෑලියගොඩ නෙල්ලිගහවත්ත ප්‍රදේශයෙන් ගඟට කැලි කසල බැහැර කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් වත්තල හා අළුත්කඩේ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>