කැලණි ගඟේ වතුර ගැන දැන් බියක් ඇතිකරගන්න එපා

null

කැලණි ගඟට තෙල් මිශ්‍ර වීමත් සමග එහි ජලය අඹතලේ පවිත්‍රාගාරයේ සිට බෙදා හරින කොළොන්නාව, කෝට්ටේ, මාලිගාකන්ද, දෙහිවල හා මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවකට පත්විය.

පසුව කැලණි ගඟට මිශ්‍ර වූ තෙල් ඉවත් කළ බව ප්‍රකාශ කෙරුණ ද ඒ පිළිබඳව ජනතාව තුළ තවමත් සැක සංකා පවතියි.

කෙසේ වෙතත් ඊයේ වන විට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වූ බව ජලාපවහන මණ්ඩලය පවසයි. කැලණි ගඟෙන් ලබා ගන්නා ජලය පියවර කිහිපයක් ඔස්සේ පැය දෙකකට ආසන්න කාලයක් පවිත්‍රකරණය සිදු කිරීමෙන් පසු ජලය ලබාදෙන බවද එම මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් ජල පාරිභෝගිකයින් අනිසි බියක් ඇති කරගත යුතු නැති බව ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලාවලින් මෙන්ම ගඟ පරිහරණය කරන්නන් අඛණ්ඩව කැලණි ගඟට අපද්‍රව්‍ය නිකුත් කිරීම හේතුවෙන් මෙම තත්වය මතුවී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>