කැළණි ගඟට ආසනික් මිශ්‍රවී ඇති බව හෙළිවේ
කැළණි ගෙඟ් ජලයට ආසනික් මිශ්‍ර වී ඇති බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි පරිසරවේදීන් පවසන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ කැළණි ගෙඟ් ස්ථාන කිහිපයකින් ජල සාම්පල ලබා ගෙන සිදුකළ පරික්ෂණවලදී එය තහවුරු වු බවයි.
කැළණි ගෙඟ් ජලයට ආසනික් මිශ්‍රවන ආකාරය සම්බන්ධයෙන් රවින්ද්‍ර කාරියවසම් මහතා කරුණු පැහැදිලි කරමින් පෙන්වා දී ඇත්තේ වර්ෂාව වැඩි කාලවලදී ඒ ආශ්රිත කර්මාන්ත ශාලාවලින් ඔහුන්ගේ අපද්‍රව්‍ය කැළණි ගඟට ඝෘජුව බැහැර කරන බවයි. එම නිසා වර්ෂාව වැඩි කාලවලදී කැළණි ගඟේ ආසනික් තත්ත්වය ඉහළ යන බවත් ය.
ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී කැළණි ගඟේ අඹතලේ, කඩුවෙල පාලම, කළුපාලම නැමැති ප්‍රදේශවල සියයට සියයක් ආසනික් තත්ත්වයන් වාර්තා වෙන බව හෙතෙම පවසා ඇත. එම තත්ත්වය පරිසර පද්ධතියටම දැඩි හානියක් මෙන්ම මෙම ජලය භාවිතා කරන ජනතාවට පසුකාලීනව වකුගඩු රෝගයන්ට ගොදුරුවීමේ අවදානමක්ද ඇත.