23 Nov 2015
කැළයේ අතරමන්ව සිටි සාමනේර හිමිවරුන් 4ක් සොයාගැනේ
අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනො අද (23) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.
මෙලෙස සොයාගනු ලැබුවේ මාදුරුඔය කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කළ සාමනේර භික්ෂූන් වහන්සේ සිවු නමක්.
ඊයේ (22) දහවල් මෙම සාමනේර භික්ෂූන්වහන්සේ සිවුනම විහාරස්ථානයට ඉහලින් පිහිටි වනාන්තරයට ගොස් තිබේ.
කෙසේ වෙතත් ඊයේ (22) රාත්රිය වනතුරු භික්ෂූන්වහන්සේ විහාරස්ථානයට වැඩම නොකිරීම හේතුවෙන් විහාරාධිපතිහිමියන් පොලිසියට පැමිණිලි කරනු ලැබ ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන පොලිසිය අද උදෑසන වන විට සාමණේර හිමිවරුන් සිව්දෙනො සොයාගෙන තිබේ.