18 Dec 2014
කිම් වගේ වෙන්න හදන තරුණයා
සරාගී හොලිවුඩ් නිලි කිම් කාර්ඩේෂියන්ගේ රූපයට සමාන රූපයක් ලබාගැනීමට වෙහෙසෙන තරුණයෙකු ගැන අපූරු පුවතක් වාර්තා වේ.
Jordan James Parker නැමති 23 හැවිරිදි මෙම තරුණයා පවසන්නේ කිම් කාර්ඩේෂියන් හට තමන් බෙහෙවින් ඇළුම් කරන බවයි. මේ හේතුවෙන් ඇයට සමාන රූපයක් ලබාගැනීමට තමන්ට අවශ්‍ය වූ බව ඔහු පවසයි.
වෘතියෙන් රූපලාවන්‍ය ශිල්පියෙකු වන මොහු මේ වන විට ප්ලාස්ටික් සැත්කම් 50ක් පමණ කරගෙන ඇති අතර ඔහු ඒ සඳහා වැය කර ඇති මුදල ඩොලර් 150,000 කට ආසන්න වේ.
තමන්ගේ සිහිනය කෙදිනක හෝ කිම් කාර්ඩේෂියන්ගේ රූපයට සමාන රූපයක් ලබාගැනීම බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.